Blue Flower

Covid-19 වෛරසය පැතිරීමත් සමග බොහෝ වැඩිහිටි ජනතාව හට තම රැකියාව අහිමි වීමේ අවදානමක් හටගෙන තිබේ.මෙලෙස රැකියාව අහිමිවුව හොත්  කෙසේ ඉදිරි ජීවිතය පවත්වාගෙන යන්නේ දැයි ඔබට ප්‍රශ්න රාශියක් පැන නැගෙනු ඇත.එවිට ඔබට තම ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීම සදහා අනුගමනය කළ හැකි එක් ක්‍රමයක් තිබේ. එන්ම් සුළුවෙන් හෝ තමන්ගේම කියා නව ව්‍යාපාරයක් ආරම්භ කර ගැනීමයි.එවිට ඔබගේ ඉදිරි ජීවිතය සර්ථක අයුරින් ගත කිරීමට හැකියාව ලැබේ.මෙලෙස නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා ඔබට අනුගමනය කළ හැකි ක්‍රම / පියවර 9ක් පවතී. ඒ පිළිබද වැඩි විස්තරයන් අපගේ පහත ලිපිය තුළින් ඔබට දැන ගත හැකිවේ.

ඔබේ රැකියාව අහිමි වූවාද? පියවර 9 කින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද යන්න මෙන්න.

රැකියාවක් අහිමි වීම නිසාවෙන් ඔබේ මූල්‍ය සුරක්ෂිතතාවයට හානිවීම , බිල් ගෙවීමට නොහැකි වීම හෝ සමහරවිට ඔබේ නිවස පවා අහිමි කරවයි. ඔබේ රැකියාව මේ වනවිට සුරක්ෂිත බව ඔබට හැගී ගියද එය අනතුරු ඇගවීමකින් තොරව සිදුවිය හැකිය. පවතින රැකියාවලට අඩු අයදුම්කරුවන් පිරිසක් සිටින ක්ෂේත්‍රවල තවමත් රැකියා ස්ථාවරත්වයක් පවතින නමුත් රැකියාවකින් ඉවත්වීමේදී තම මුදල් කළමණාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබදව අවබෝධය සෑමදෙනාටම එකසේ වැදගත්වනු ඇත.

රැකියා අහිමිවීමෙන් පසු මුදල් කළමනාකරණය කිරීමට හොඳම ක්‍රම මොනවාද?

ඔබව සේවයෙන් නෙරපා හරිනු ලැබුවද, කලින් විශ්‍රාම ගැනීමට බල කලාද, කොන්ත්‍රාත් වැඩ නතර වී ගියාද ඔබගේ රැකියාව අහිමි වීම ජීවිතයේ වඩාත්ම ආතති සහගත අත්දැකීමකි. එයින් ඇතිවිය හැකි මූල්‍ය වේදනාවට අමතරව ඔබට ඇතිවන විරැකියා ආතතිය ඔබේ මනෝභාවයට , සබදතාවලට හා ඔබේ සෞඛ්‍යටද විශාල හානියක් විය හැකිය. කාලය නිවැරදිව කළමණාකරණය කරගනිමින් මෙම තත්ත්වයට නිවැරදිව මුහුණ දුනහොත් ඔබට අනාගතයේදී නව බලාපොරොත්තූන් රැසක් ඇතිකරගත හැකි වනු ඇත. ඒ සදහා නිවැරදි මාර්ගෝපදේශයක් මෙම ලිපියෙන් ඔබට ලබාගත හැකි වනු ඇත.

රැකියා අහිමිවීම සහ විරැකියා ආතතිය.