Blue Flower

ඔබට හදිස්සියේම අඩු ආදායමක් කළමණාකරණය  කිරීමට සිදුවුව හොත් එය අතිමහත් විය හැකියි. එය පහසු කර ගෙනීම සදහා පියවර කිහිපයක් අනුගමනය කර හැකිවේ.එලෙස පියවරයන් ඔස්සේ කටයුතු කිරීම තුළ තමන් හට ලැබෙන ඉතා කුඩා ආදායම පවා ඉතාමත් ඵලදායී ලෙස කළමණාකරණය කිරීමට ඔබට අවස්ථාව හිමිවේ.

covid-19 කාල සීමාව තුළ අඩු ආදායමින් ජීවත් විමට හුරුවෙමු.

ලෝකයේ බොහෝ රටවල් වල අද වන විට ව්‍යාප්ත වී තිබෙන covid-19 වෛරසය හේතුවෙන් එම රටවල් මෙන්ම එම රටවල් වල ජීවත්වන මිනිසුන්ද දැඩි අපහසුතාවයට පත්වී තිබේ.එලෙස අපහසුතාවයට පත්වී තිබෙන මොහොතක තමන්ට ලැබෙන ඉතා සුළු මුදල පවා මනාව කළමණාකරණය කර ගැනීම සදහා නිවැරදි ලෙස අයවැයක් සකස් කර ගන්නේ කෙසේදැයි යන්න දැන සිටීම අත්‍යාවශ්‍ය වේ.

covid-19 කාල සීමාව තුළ නිවරදිව අයවැයක් සකසා ගනිමු.

ඔබ මුදල් විවිධාකාර පාර්ශවයන්ගෙන් ණයට ලබාගෙන එය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්වී  තිබේද? එලෙස ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වූ විට ඔබ පසුබෑමට හා ආතතියට පත්විය හැක.ඔබ එලෙස මුදල් ආපසු ගෙවා දැමීමට අපොහොසත් වන්නේ හා ඔබේ ණය බර වැඩි වන්නේ ඔබේ නය පාලනය කර ගැනීමට නැතහොත් කළමණාකරනය  කර ගැනීමට හරියාකාරව දැනුමක් හා අවබෝධයක්  නොමැති වීමයි. එම නිසා ඒ පිළිබද හරියාකාර දැනුමක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

covid-19 කාල සීමාව තුළ ණය පාලනය කරගන්නා ආකාරය.

ඔබේ  මුදල් කළමණාකරණය කිරීම ආරම්භ කිරීමට හොද ක්‍රමයක් වන්නේ පිටතට යන දේට විරුද්ධව එන දේ දෙස බැලීමයි. එනම් ඔබේ ආදායම දෙස බැලීමයි.ඔබ සතුව ඇති ආදායමට අනුව ඔබේ වියදම් නඩත්තු කළ යුතුයි. ඔබ ඔබේ මුදල් පාලනය කර ගැනීම සදහා අනුගමනය කළ යුතු විවිධ පියවරයන් පවතී. එලෙස වියදම් නඩත්තු කිරීම පිළිබද  හරියාකාර අවබෝධයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

covid-19 කාල සීමාව තුළ මුදල් කළමණාකරණය.