Blue Flower

          පුද්ගලයන් විසින් 1 ශ්‍රේණීයේ සිට 13 ශ්‍රේණිය දක්වා වසර 13ක කාල සිමාවක් අධ්‍යාපනය හදාරනු ලබයි. එලෙස වසර 13 කාලසිමාවක් තුල පුද්ගලයා විවිධ කඩඉම් ඔස්සේ විවිධ විෂයන්ට අනුකූලව සිද්ධාන්ත කරුනු ඉගෙන ගැනීමක් සිදු කරයි. 

              පුද්ගලයින් විසින් එලෙස සිද්ධාන්ත කරුණු ඉගෙන ගනු ලබන්නේ විවිධ කඩඉම් විභාග සදහා මුහුණ දීම සඳහාය. තවද මෙම පාසල් කාලය තුළදි පුද්ගලයෙකු විසින් පහත සඳහන් කුසලතා පිළිබඳ අධ්‍යයනයක් සිදු කරයි. එනම්,

  1.     නායකත්ව කුසලතා 
  2.     ව්‍යාපෘති කළමණාකරණය
  3.     සන්නිවේදන කුසලතා
  4.     අන්තර් සබඳතා 
  5.     පෞරුෂත්ව වර්ධනය
  6.     කණ්ඩායම් හැඟිම 

   ඉහත සඳහන් කරන ලද ආකාරයට බොහෝ ප්‍රයෝජන /කුසලතා පාසල් අධ්‍යාපනය තුළින් හිමිවුවද පාසල් අධ්‍යාපනය අවසන් කර නව රැකියාවකට යාමේදී අපට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ.

  එලෙස අභියෝග රැසකට මුහුණ දීමට ප්‍රධානතම හේතුව වන්නේ පාසල් අධ්‍යාපනය තුලින් අධ්‍යාපනික සුදුසුකම් පමණක් ලැබීමත් වෘත්තීය සුදුසුකම් නොලැබීමත් වේ.

  පුද්ගලයෙකුහට තම පවුල් ජීවිකාව කරගෙන යාම තම අධ්‍යාපන දැනුමින් පමණක් කළ හැකි දෙයක් නොවන අතර ඊට බොහෝ කරුණු පාදක වේ.

  1. දේශපාලන අස්ථාවරතා 
  2. ආර්ථික විෂමතා
  3. පුද්ගලික මුදල් කලමණාකරණය

  ඉහත සඳහන් කරන ලද කාරණා පිළිබඳ මනා දැනුමක් නොමැතිව පුද්ගලයින්හට තම ජීවිකාව ගැටලු වලින් තොරව පවත්වාගත නොහැකි වේ.තවද රැකියාවක් කරන පුද්ගලයෙකු හටද අධ්‍යාපනික දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ.ඔවුන්ටද අවශ්‍ය වෙනත් බොහෝ කරුණු පවතී.

  1. රැකියාවක් තුල කටයුතු කරන ආකාරය
  2. තාක්ෂණික කුසලතා 
  3. අන්තර් පුද්ගල සබඳතා
  4. රැකියාවෙන් උසස් වීම් ලබාගන්නා ආකාරය පිලිබඳ දැනුම
  5. ප්‍රායෝගික දැනුම ලබා ගැනීම

ඉහත කරුණු පිලිබඳ මනා අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම තුල රැකියා ජීවිතය අඩාල වීමට බොහෝ සෙයින් ඉඩ කඩ පවතී.

  ඉහත සඳහන් කරන ලද කරුණු පිළිබද මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම තුළ පහත සඳහන් ප්‍රතිලාභ අත්කර ගත හැකි වේ.

  1. උද්ධමණය (බඩු මිල වැඩිවීම) වැනි ආර්ථික සාධක තම ජීවිකාව සමග සසඳමින් තම ජීවන තත්ත්වය උසස් කරගත හැකි වීම.
  2. මුදල් කලමණාකරණය නිසි පරිදි ඉටුකරගත හැකි වීම
  3. රැකියාවේ උසස්වීම් ලබාගත හැකි වීම
  4. නව ව්‍යාපාර අවස්ථා හදුනා ගත හැකි වීම 
  5. ආර්ථික විෂමතා,දේශපාලන අස්ථාවරතා වලට සාර්ථකව මුහුණ දීමට හැකි වීම.