Blue Flower

කිසියම් පුද්ගලයෙකු තමා කුඩා කල පෙර පාසලට ඇතුලු වූ දා පටන් පාසල් අධ්‍යාපනය නිම කොට උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට පිවිසෙන අතර එම අවධීන් තුලදී කෙතරම් ඉංග්‍රීසි භාෂාවන් පිළිබදව හැදැරීම් කලද ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාවක් බොහෝ පුද්ගලයින් සතුව නොමැති වේ.

එසේ ඉංග්‍රීසි බැරි වීමට හේතු මොනවාද?

බොහෝ පුද්ගලයින් ඉංග්‍රීසි ඉගෙන ගැනීම සදහා පාසල් අධ්‍යාපනයට අමතරව බොහෝ පාඨමාලාවන් සදහා යොමු වේ. එලෙස පාඨමාලාවන් සදහා යොමු වුවද පුද්ගලයින් හට ඉංග්‍රීසි භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීමටනොහැකි වීමට බලපාන හේතු කිහිපයක් පවතී. එනම්,

  • පාඨමාලාවන් මෙහෙයවන බොහෝ දේශකයින් ඉංග්‍රීසි ඉගැන්වීම සදහා නිවැරදි ක්‍රම භාවිතා නොකිරීම .
  • පාසල් අධ්‍යාපන ක්‍රමය තුලදී පාසල් ගුරුවරුන් විසින් නිසියාකාරයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම ලබා නොදීම තුලින් ශිෂ්‍යයින්ගේ මනස තුල ඒ පිළිබද අකමැත්තක් ඇති වීම.
  • විවිධ පාඨමාලාවන් සදහා සහභාගීවන සිසුන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සදහා නොව සහතිකය පසුපස හඹා යාම.
  • ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සදහා ගුරුවරුන් විසින් නිසි ක්‍රම වේද ඉගැන්වුවද සිසුන් විසින් ඒවා නොපිළිපැදීම.
  • සිංහල භාෂාව මෙන් ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂාව යොදා නොගැනීම .

ඉංග්‍රීසි භාෂාව පුද්ගල දියුණුවට වැදගත් වන්නේ කෙසේද?

ඉංග්‍රීසි භාෂාව යනු ජාත්‍යන්තර භාෂාවකි. ගෝලියකරණය වූ ලෝකය සමග ගනුදෙනු කිරීමට යැමේදි වැදගත් වන ප්‍රමුඛතම භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. මෙලෙස මෙම භාෂාව ඉගෙන ගැනීම පුද්ගල දියුණුවට වැදගත් වන ආකාරය පහත සදහන් පරිදි දක්වා ඇත. එනම්,

  • පාසල් අධ්‍යාපනය තුලදී විවිධ ඉංග්‍රීසි භාෂා තරග සදහා සහභාගී වීමට ඉංග්‍රීසි භාෂාව වැදගත් වේ.
  • පාසල් අධ්‍යාපනයෙන් වෙන්ව උසස් අධ්‍යාපනය කරා ගමන් කිරීමේදි එහි ඇතුලත් සියලු විෂය කරුණු ඉගෙන ගැනීමට සිදුවන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වන බැවින් එය වැදගත් වේ.
  • රැකියා ජීවිතයට පිවිසීමේදී එහි කටයුතු කරගෙන යැමටත් , ඇල්මැති පාර්ශවයන් සමග ගනුදෙනු කිරීමටත් ඉංග්‍රිසි භාෂාව වැදගත් වීම.
  • තවද රැකියාවේ උසස්වීම් ලබාගැනීම සදහාත් ඉංග්‍රීසි භාෂාව වැදගත් වේ.
  • විදේශ සංචාරවලට පිවිසීමේදී එම රටවල් සමග සන්නිවේදන හා ගනුදෙනු කටයුතු සිදුකිරීමේදි ඉංග්‍රිසි භාෂාව වැදගත් වීම.
  • සමාජය තුල ගෞරවයක් ලබාගැනීම සදහා ඉංග්‍රීසි භාෂාව වැදගත් වීම.

ඉහත  සදහන් කරන ලද කටයුතු සාර්ථකව ඉටු කරගැනීම සදහා අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ඉගෙන ගන්නා ආකාරය පිළිබදව පහත සදහන් පරිච්ඡේද ඔස්සේ විස්තර කර ඇත.

ඉංග්‍රීසි භාෂාව හරියාකාරව ඉගෙන ගන්නා ආකාරය.

ඉංග්‍රීසි නිවැරදිව ඉගෙන ගැනීම සදහා පහත සදහන් ක්‍රමවේදයන් අනුගමනය කල හැක.

පැයක් ආයෝජනය කරන්න.

දිනකට ඔබගේ කාලයෙන් එක් පැයක් ඔබහට ඉංග්‍රීසි ඉගෙන ගැනීම සදහා වෙන් කිරීමට හැකිනම් එය හොදටම ප්‍රමාණවත් වේ. එම පැයක කාලයේදී ඔබ ඉංග්‍රීසි වෙනුවෙන් වෙහෙසුනහොත් ඉන් පසුව ඔබට ලැබෙනා ප්‍රථිපලය තුලින් ඔබ මවිතයට පත් වනවා නිසැකය.

කියවීම.

අප කල යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පවතින පොත්, පුවත්පත්, සගරා හා අන්තර්ජාල ලිපි කියවීමේ මූලාශ්‍ර ලෙස භාවීතා කිරීමයි. ඉංග්‍රීසි භාෂාව නොදන්නා පුද්ගලයන් වශයෙන් මෙලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කියවීම ඔවුන්ට ගැටලුවක් විය හැක. නමුත් ඉංග්‍රිසි ඉගෙන ගැනීමට නම් තේරුණද නොතේරුණද කිසියම් කාලයක් වෙන්කරමින් කියවීම අවශ්‍ය වේ. මෙලෙස කියවීමේදී නොදන්නා වචන තේරුම් ගැනීම සදහා පහත ක්‍රම භාවීතා කල හැක.

  • ඔබ කියවාගෙන යන අතරතුරදී ඔබ නොදන්නා වචන ඇතොත් ඒවා ලකුණු කර ගැනීම හෝ වෙනත් පොතක සටහන් කරගැනීම කල හැක.
  • ඉන්පසුව ශබ්ද කෝෂයක් ආධාරයෙන් එම සටහන් කරගත් හෝ ලකණු කරගත් වචනවල අර්ථයන් අවබෝධ කර ගන්න.
  • ඉන්පසුව පෙර කියවන ලද පරිච්ඡේදයන් නැවත කියවිය යුතු අතර එහිදී සොයා ගන්නා ලද නොදන්නා වචන පිළිබද අවබෝධයකින් යුතුව කියවිය යුතු වේ. 

දෙවන පියවරේදී සදහන් කරන ලද ආකාරයට ශබ්දකෝෂයක් ඔස්සේ නොදන්නා වචන සෙවීමේදී  මුලදී අපට සිංහල -ඉංග්‍රීසි ශබ්දකෝෂයක් භාවිතා කල හැකි වේ. නමුත් කාලයක් ගතවන විට ඉංග්‍රීසි පිළිබද කුඩා දැනුමක් හෝ පවතින බැවින් ඉංග්‍රීසි භාශාවෙන් ඉංග්‍රීසි වචනවල තේරුම ලබාදෙන ශබ්දකෝශයක් භාවිතා කිරීම වඩා යෝග්‍ය වේ. මෙලෙස සදහන් කිරීමට හේතුව වන්නේ අප කුඩා කලදී සිංහල භාශාව ඉගෙන ගනු ලැබුවේ සිංහල භාශාවෙන්ම වීමයි. එනම් කිසියම් භාශාවක් ඉගෙන ගැනීමේ පහසුම හා සරලම ක්‍රමය වන්නේ එම භාශාවෙන්ම ඉගෙන ගැනීමයි.

නරඹන්න

ඉහත සදහන් කරන ලද ආකාරයට නැරඹීම යනුවෙන් අදහස් වන්නේ ඉංග්‍රීසි භාශාවෙන් පවතින ඉංග්‍රීසි ඉගෙන ගැනීමට යෝග්‍ය වීඩියෝ ,චිත්‍රපට, කාටූන් ,ප්‍රවෘත්ති හා දේශන යනාදිය නැරඹීමයි. මෙලෙස නැරඹීමේදී අවදානය යොමු කල යුතු ප්‍රධානතම කරුණ වන්නේ මෙලෙස නරඹන මූලාශ්‍ර සදහා උපසිරැසි භාවිතා නොකිරීමයි.එලෙස භාවිතා කිරීම තුල උපසිරසි නැරඹීම පමණක් සිදුකරන අතරම භාශාව කෙරෙහි අවදානය යොමු නොකරයි.

එම නිසා උපසිරසි භාවිත නොකල යුතු අතර කල යුත්තේ නැරඹීම තුලින් ඉංග්‍රීසි භාශාව හසුරවන ආකාරය පිලිබද අවබෝදයක් ලබා ගැනීමයි.

භාශාව ඉගෙන ගැනීම

භාශාව ඉගෙන ගැනීම යනුවෙන් අදහස් වන්නේ කියවන විට හා නරඹන විට අපහසු වචන, භාශාවේ විවිධ රටාවන් ,හසුරවන අකාරය වැනි දෑ පිලිබද  මනා අවබෝදයක් ලබා ගැනීමයි. මෙලෙස කියවන හා නරන අතරතුර තව තවත් ඉංග්‍රීසි භාශාව ප්‍රගුණ කරගැනීම සදහා අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන විවිධ පාඨමාලාවන් භාවිතා කළ හැක.

ඉහත ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුලින් ඉංග්‍රීසි ඉගෙනීමට අමතරව ඔබ කියවන හා නරඹන දෑ තුලින් බොහෝ විෂය කරුණු පිළිබදව අවබෝදයක් ලබා ගත හැකි වේ.

ඉහත සදහන් ක්‍රමවේදයක් ඔස්සේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේදී පහත සදහන් මූලාශ්‍රයන් භාවිතා කල හැකි වේ.

කියවීමේදී,

BBC Future

http://www.bbc.com/future/

CNN Features

http://edition.cnn.com/specials

නැරබීමේදී

Ted Talks

http://www.ted.com/

Ted-ed

http://ed.ted.com/

BBC Reel

http://www.bbc.cpm/reel/

CNN Video

http://edition.cnn.com/videos

ඉහත සදහන් මූලාශ්‍ර ඔස්සේ වීඩියෝ නැරඹීමේදී ඔවුන් භාශාව හසුරවන අයුරු  ඔබට වටහා ගැනීමට අපහසු අවස්ථා වලදී එම වීඩියෝ සමග ලබා දී තිබෙන Transcript නැමති  ක්‍රමවේදය ඔස්සේ පවසන ලද සියලු කරුණු අතුළත් පිටපතක් ලබා ගත හැකි වේ.ඒ තුලින් ඔබට මනා අවබෝධයක් ලබා ගත හැකි වේ.

භාෂාව ඉගෙන ගැනීමේදී,